ධම්මපදය
බහුවරණ ප්‍රශ්න
(1). අනාගතේ ගරු බුහුමන්, කීර්ති ප්‍රශංසා, වස්තු සම්පත් ආදිය ඇතිව දීප්තිමත්
ජීවිතයක් ගෙවීමට සිතූ සිසුවෙකුට ඒ සඳහා ඍජුව උපදෙස් සපයන ධම්මපද ගාථාව වන්නේ,
I.
"අසාරේ
සාර මතිනෝ" යන ගාථාවයි.
II.
"චරං චෙ
නාධිගච්ඡෙය්‍ය " යන ගාථාවයි.
III.
"සාරංච
සාරතෝ ඤත්වා" යන ගාථාවයි.
IV.
"උට්ඨානවතෝ
සතිමතෝ" යන ගාථාවයි.
(2). සියලු බුදුවරයන්ගේ අනුශාසනාව වන සියලු පව් නොකිරීම, කුසල් ඉපදවීම් ආදී
ඉගැන්වීම් ඇතුළත් ගාථා දෙපදය වන්නේ,
I.
"අත්තනාව
කතං පාපං - අත්තනා සංකිලිස්සති" යන්නයි.
II.
"පාපං
වෙ පුරිමො කයිරා - නතං කයිරා පුනප්පුනං" යන්නයි.
III.
"යදිසං
වපතෙ බීජං - තාදිසං හරතෙ ඵලං" යන්නයි.
IV.
"සබ්බ
පාපස්ස අකරණං - කුසලස්ස උපසම්පදා" යන්නයි.
(3). ආශ්‍රය කිරීමට සුදුසු මිතුරෙකු නොලබන්නේ නම් හුදෙකලාව විසීම සුදුසු බව
අවධාරණය කරමින් දේශනා කළ ධම්මපද ගාථාවේ මුල් දෙපදය වන්නේ,
I.
"චරං චෙ
නාධිගච්ඡෙය්‍ය - සෙය්‍යං සදිස මත්තනො" යන්නයි.
II.
"අසාරෙ
සාරමතිනො - සාරෙ වාසාර දස්සිනො" යන්නයි.
III.
"අක්කොච්ජිමං
අවධි මං - අජිනි මං අහාසි මේ" යන්නයි.
IV.
"උට්ඨානවතෝ
සතිමතෝ - සුචිකම්මස්ස නිසම්ම කාරිනෝ" යන්නයි.
(4). අසවලා මට බැන්නේය, පහර දුන්නේය, ආදී වශයෙන් ක්‍රෝධ නොකරන්නාගේ වෛරය සංසිඳෙන බව අවධාරණය කරමින් දේශනා
කළ ධම්මපද ගාථාවේ මුල් දෙපදය වන්නේ,
I.
"නහී වේරේන
වේරානී - සම්මන්තිද කුදාචනං" යන්නයි.
II.
"සාරංච
සාරතෝ ඤත්වා - අසාරංච අසාරතෝ" යන්නයි.
III.
"චරං චෙ
නාධිගච්ඡෙය්‍ය - සෙය්‍යං සදිස මත්තනො" යන්නයි.
IV.
"අක්කොච්ජිමං
අවධි මං - අජිනි මං අහාසි මේ" යන්නයි.
(5). තමන්ට වඩා ගුණදහමින් උසස් අයකු හෝ සමානයකු හෝ ආශ්‍රයට නොලැබෙන්නේ නම්
හුදකලාව විසීම සුදුසු බව අවධාරණය කරමින් දේශනා කළ ධම්මපද ගාථාවේ මුල් දෙපදය වන්නේ,
I.
"අත්තානමේව
පඨමං - පතිරූපේ නිවේසයේ" යන්නයි.
II.
"යාව ජීවම්පි
වෙ බාලො - පණ්ඩිතං පයිරුපාසති" යන්නයි.
III.
"චරං චෙ
නාධිගච්ඡෙය්‍ය - සෙය්‍යං සදිස මත්තනො" යන්නයි.
IV.
"මුහුත්තම්පි
චෙ විඤ්ඤු - පණ්ඩිතං පයිරුපාසති" යන්නයි.
(6). වෛරයෝ කිසි කළෙකත් වෛරයෙන් නොසන්සිඳෙත්, මේ බව අවධාරණය කරමින් දේශනා කළ
ධම්මපද ගාථාවේ මුල් දෙපදය වන්නේ,
I.
"අක්කොච්ජිමං
අවධි මං - අජිනි මං අහාසි මේ" යන්නයි.
II.
"නහී වේරේන
වේරානී - සම්මන්තිද කුදාචනං" යන්නයි.
III.
"සාරංච
සාරතෝ ඤත්වා - අසාරංච අසාරතෝ" යන්නයි.
IV.
"සබ්බ
පාපස්ස අකරණං - කුසලස්ස උපසම්පදා" යන්නයි.
(7). "සුවසේ කා බී වසන දක්ෂ කපුටකු වැනිය." යනුවෙන් ධම්මපද දේශනාවක
උපමා කර ඇත්තේ,
I.
අධර්මයෙන් උපයා
යැපෙන තැනැත්තාය.
II.
අලසව සිටින
තැනැත්තාය.
III.
කා බී ජීවත්
වන තැනැත්තාය.
IV.
නිර්ධන තැනැත්තාය.
(8). "වෛර කරන මිනිසුන් අතර අපි වෛර නොකර සුවසේ වෙසෙමු." යන අදහස
ඇතුළත් ධම්මපද ගාථාවේ මුල් දෙපදය වන්නේ,
I.
"සුසුඛං
වත ජීවාම - වෙරිනේසු අවේරිනො" යන්නයි.
II.
"නහී වේරේන
වේරානී - සම්මන්තිද කුදාචනං" යන්නයි.
III.
"අත්තනාව
කතං පාපං - අත්තනා සංකිලිස්සති" යන්නයි.
IV.
"සාරංච
සාරතෝ ඤත්වා - අසාරංච අසාරතෝ" යන්නයි.
(9). "යමෙකු පව් කළොත් එයින් ඔහුම කෙළෙසෙන්නේය. පව් නොකළොත් එයින් ඔහුම
පිරිසිදු වන්නේය." යන අදහස ඇතුළත් ධම්මපද ගාථාවේ මුල් දෙපදය වන්නේ,
I.
"නතං කම්මං
කතං සාධූ - යං කත්වා අනුතප්පති" යන්නයි.
II.
"අත්තනාව
කතං පාපං - අත්තනා සංකිලිස්සති" යන්නයි.
III.
"තංච කම්මං
කතං සාධූ - යං කත්වා නානුතප්පතී" යන්නයි.
IV.
"උට්ඨානවතෝ
සතිමතෝ - සුචිකම්මස්ස නිසම්ම කාරිනෝ" යන්නයි.
No comments:
Post a Comment